පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම හෙට දිනයේදී සිදු කිරීමට නියමිත වේ. අදාල පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 19 ක් ගොනුකර තිබෙනවා.
සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය යන දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන සහ තවත් පාර්ශ්ව කිහිපයක් මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනුකළ අතර ඔවුන් සිය පෙත්සම්වලින් ඉල්ලා සිටින්නේ අදාල පනත් කෙටුම්පතට අඩංගු ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලීමට තීරණය කර තිබෙනවා.
(LNW)