Sunday, January 18, 2026
Follow Us
විදෙස් ගත පුද්ගලයන් දිවයිනට ගෙන්වීම ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

විදෙස් ගත පුද්ගලයන් මෙරටට ගෙන්වීම සීමා කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසනවා. විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සීමා කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ සදහන් කළා. වසංගත රෝග විiා අංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සදහන් කළේ විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් අතරින් කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළ යාම හේතුවෙන් එලෙස සීමා පැනවීමට සිදුවන බවයි.

ඒ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ එලෙස විදෙස් රටවලින් ගෙන්වන පුද්ගලයන්ට ලබාදෙන නිරෝධායන පහසුකම් වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් ලබාදුන් බවයි.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් කොරෝනා රෝගීන් 52,710 දෙනෙකු වාර්තා වුණා. ඉන් 1,593 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී හදුනාගත් රෝගීන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

(Neth)