Sunday, January 18, 2026
Follow Us
වසර 108 ක් පැරණි සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීමට අවධානය

වසර 108 ක් පැරණි සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි නෙත් නිවුස් වෙත කියාසිටියේ එම පනතේ වෙනස් විය යුතු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් විසින් 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවයි.

වර්තමානයට ගැලපෙන ආකාරයට සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙසට එම කමිටුවට උපදෙස් ලබාදුන් බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ.

(Neth)