Saturday, July 05, 2025
Follow Us
උත්සව සමයේ බීමත් රියදුරන් 738ක් අත්අඩංගුවට ගනිද්දී දින දෙකක් තුළ මරණ 30ක්

අප්‍රේල් 14 වැනිදා සිට බීමතින් රිය පැදවූ රියදුරන් 738ක් අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් 2844කට නඩු පවරා ඇත.

මේ අතර අලුත් අවුරුදු සමයේ දින දෙකක් තුළ සිදු වූ රිය අනතුරු වලින් මරණ 30ක් ද සිදුව ඇති අබ්වයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ.

150කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද සඳහන්.

අනතුරු වලින් බහුතරයක් යතුරු පැදි වන අතර අනතුරු වලින් 80%ක් වාහන එකිනෙක ගැටීමෙන් ඇති වූ ඒවාය.

(LNW)