Thursday, February 12, 2026
Follow Us
මුස්ලිම් මැති ඇමතිවරු අදත් අගමැති හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුස්ලිම් මැති ඇමතිවරු අතර අදත් (28) විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.


අරලිය ගහ මන්දිරයේදී පස්වරු 04.00ට මෙම සාකච්ජාව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ආණ්ඩු පක්ෂය නියෝජයන කරන මුස්ලිම් මන්ත්‍රීවරු මෙන්ම ස්වාධීන කණ්ඩායම්වල සිටින මන්ත්‍රීවරුද ඊට සහභාගී වීමට නියමිතව ඇත. 

පසුගිය කලහකාරී සිදුවීම් වලින් පීඩාවට පත් මුස්ලිම් ජනතාවට වන්දි ලබාදීම කඩිනම් කර ගැනීමටත් අත්හල අමාත්‍යධූර නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ජා කිරීමත් අගෝස්තු 05 වැනිදාට යෙදෙන එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් අද හමුවේදී අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

එමෙන්ම අත්හල ඇමති තනතුරු නැවත ලබා ගැනීමේ හදිස්සියක් නොමැති අතර සිය ජනතාවගේ ප්‍රශ්න විසඳෙන බව පෙනෙන්නට ඇත්නම් පමණක් යළි අමාත්‍යධූරයන්හි දිවුරුම් දීමේ ප්‍රශ්නයක් නොමැති බවයි මන්ත්‍රීවරු අවධාරණය කර තිබුණේ.

(LNW)