Sunday, January 18, 2026
Follow Us
රු .5000 දීම අදත් ක්‍රියාත්මකයි

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් රජය මගින් සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභින් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමේ කටයුතු අද (15) සිට යළි ආරම්භ කිරීමට නියමිත බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසුවේ අලුත් අවුරුද්ද යෙදී තිබු ඊයේ (14) දිනයේ පමණක් රුපියල් 5,000 දීමනාව ලබාදීමේ කටයුතු තාවකාලිකව නතර කළ බවයි.

අදාළ දීමනාව නොළද පුද්ගලයන් සඳහා අද (15) සිට එම දීමනාව ලබාදෙන බවද වැඩි දුරටත් සඳහන් කරයි.

පසුගිය 12 වනදා ආරම්භ කෙරුණ එම වැඩසටහන යටතේ 18 ලක්ෂයකට ආසන්න පවුල් සංඛ්‍යාවක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදී තිබෙන බව සඳහන් ය.

(Aruna)