උත්සව සමයේදී බන්ධනාගාර තුළට තහනම් ද්‍රව්‍ය විසි කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. සූක්ෂම ලෙස මත්කුඩු සගවාගෙන රැඳවියන් බැලිමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු ද ඉකුත් දිනවලදී අත්අඩංගුවට ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.
තහනම් භාණ්ඩ රැගෙන රැඳවියන් බැලීමට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
(NEth)