උත්සව සමයේ අවුරුදු අසිරිය විද ගැනීම සදහා බොහෝ පිරිස් මේ දිනවල නුවරඑළිය ඇතුළු සංචාරක ස්ථාන වෙත පැමිණෙමින් සිටිනවා. එලෙස පැමිණෙන පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම අනිවාර්ය බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
විනෝද චාරිකාවල නිරතවන පිරිස් අනාරක්ෂිත ස්ථානවල දිය නෑමෙන් වළකින ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.
මේ අතර, උදා වූ අලූත් අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට කතරගම පුදබිම වෙත ද දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඊයේ දිනයේදී කිරිවෙහෙර පුදබිම ද සැදැහැවතුන්ගෙන් පිරීගොස් තිබූ අතර ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජාවන් තැබීමට දිගු පෝලිම් ද පැවතියා. උදා වූ අලූත් අවුරුද්දට ආශීර්වාද ලබා ගැනීම සදහා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය සහ අටමස්ථානය මෙන්ම මහනුවර දළදා වහන්සේ වැදපුගැනීමට ද අද දිනයේදී සැදැහැවතුන් රැසක් පැමිණෙනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.
(Neth)