Saturday, August 01, 2026
Follow Us
දුර ගමන් දුම්රිය සේවා අද සිට සාමාන්‍ය පරිදි

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට අද (15) සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ලබන සදුදා (19) සිට සියලු දුම්රිය ගමන්වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.

(Aruna)