Sunday, January 18, 2026
Follow Us
පොල්තෙල්වලටත් ස්ථාවර මිලක්

වස විස නොමැති බවට තහවුරු කළ දේශීය පොල්තෙල් බෝතලයක් රුපියල් 450ක මිලකට ඉදිරියේදී අලෙවි කිරීමට සූදානම් බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මේ අතර ” ඇල්ෆාටොක්සීන් අඩංගු පොල්තෙල් තොගයක් අද මැලේසියාව බලා ප්‍රති අපනයනය කෙරුණා. මෙම පොල්තෙල් තොගයේ වටිනාකම රුපියල් තුන් සිය නව කෝටි හය ලක්ෂ හත්සිය පනහක්. බහාලුම් 06 ක අසුරා තිබූ එම පොල්තෙල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 105ක්. මෙම පොල්තෙල් මෙරටට ගෙන්වා තිබුණේ කටාන රිෆයිනරීස් පුද්ගලික සමාගමයි. තවත් සමාගම් දෙකක් විසින් මෙරටට ගෙන්වා ඇති පොල්තෙල් ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් රෙගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත් රවිප්‍රිය මෙලෙස අදහස් පළ කළා.

මෙම පොල්තෙල් තොගය රැගත් බාබරා නෞකාව අද රාත්‍රියේ කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී. පර්යන්තයෙන් මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතයි.

(Neth)