සිටි බස් සේවය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ දෙසීයක් මිලදී ගැනීමට තීරණය කළ බව ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ ‘අරුණ’ ට ඊයේ (11) පැවැසීය.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාවකට තමා අත්සන් යෙදූ බවත් එහි ප්‍රසම්පාදන ක්‍රියාවලියද ආරම්භ කර ඇති බවත් ඉදිරි මාස කිහිපය තුළ මෙම බස් රථ මිලදී ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ගමනාරම්භයත්, ගමනාන්තයත් කරගමින් මේ වනවිට ක්‍රියාත්මක සිටි බස් සේවය සඳහා පෞද්ගලික අංශයේ බස් රථ 25 ක් යොදවා ඇත.
මෙකී සේවය සඳහා තවත් බස් රථ දෙසීයක් මිලදී ගන්නා බවත් මාකුඹුරට අමතරව මොරටුව, පිළියන්දල, කඩුවෙල, කඩවත, ජාඇල, අතුරුගිරිය ප්‍රදේශවල තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන හයක් ඉදිවන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ඒ. අල්විස් ‘අරුණ’ කළ විමසුමකදී සඳහන් කළේය.
කොළඹ නගරයට පිවිසෙන වාහන අවම කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මෙම සේවයේ ආදායම දිනෙන් දින ඉහළ යමින් පවතී.
(Aruna)