Sunday, January 18, 2026
Follow Us
ගොවීන්ගෙන් කහ මිලදී ගැනීමට රජය මැදිහත් වෙයි

කහ අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි ගොවීන්ගෙන් අමුකහ කිලෝග්‍රෑමයක් රුපියල් 400 බැගින් රජය මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද පැවැසීය.

ඉදිරි සති දෙක තුන තුළදී තවත් කහ අස්වනු ලැබීමට නියමිත බවත්,රජය මිලදී ගන්නා කහ තොග බීජ සඳහා නිකුත් කිරීමට කටයුතු කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

මෙහිදී අමු කහ මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස සහ ගොවියා අතර සම්බන්ධීකරණයක් සිදු කෙරෙන බවද ඔහු පැවසුවේය.

මේ වෙද්දී විශාල පිරිසක් කහ සිටුවා අවසන් බවත්, පෞද්ගලික අංශය කහ විශාල වශයෙන් සිදුවන බවත් ඔහු පැවසුවේය.

පෙබරවාරි සිට මැයි 31 වැනිදා දක්වා කාල සීමාවේදී අමුකහ හෙක්ටයාර් 3000 ක් වගා කෙරෙන බවත්,අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 25,000 ක් බවත් හෙතෙම කීය.

(Aruna)