Sunday, January 18, 2026
Follow Us
හෙට සහ අනිද්දා දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

එළඹෙන උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, හෙට (13) සහ අනිද්දා (14) දින දෙකේ පමණක් එම දුම්රිය ගමන්වාර අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේවෙතත් අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් සහ යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවද ඔවුන් සඳහන් කළේය.

(Aruna)