Monday, May 12, 2025
Follow Us
එක්සත් ජාතීන්ගේ නියෝජිත හරහා නඩු වලට බලපෑම් කිරීමේ සිද්ධියට දේශපාලනඥයන් දෙදෙනකු හවුල් – විජේදාසගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට මෙරට විභාග වන නඩු කිහිපයක තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලමින් වැඩබලන විදේශ ලේකම් විසින් අධිකරණ අමාත්‍යාංශයට ලිපියක් යවා තිබෙන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයින් දෙදෙනකුගේ බලවත් උවමනාවකට බවත් ඔවුන්ගේ නම් ගම් සියල්ල ඉදිරියේ දී තමා හෙළි කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මෙම සිදුවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති නිසා ඊට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන බවත් ඊට අමතරව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කිරීමට නියමිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී ද මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වී තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

(Lanka Leads)