Sunday, January 18, 2026
Follow Us
රුපියල් 5,000 දීමනාව ගත හැකි කොන්දේසී ප්‍රකාශයට

එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5,000ක දීමනාව ලබා දීමට අදාල විශේෂ චක්‍රලේඛය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ වන විට ප්‍රකාශයට පක් කර තිබෙනවා. ඒ අනුව රටේ පැවති හා පවතින කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට ඔවුන්ට ලැබෙන මාසික දීමනාවට අමතරව එක් වරක් පමණක් රුපියල් 5,000ක දීමනාවක් ගෙවිමටයි රජය තීරණය කර ඇත්තේ. ඒ අනුව අවසන් වරට රුපියල් 5,000 දීමනාව ගෙවූ පවුල් කාණ්ඩ 10ක් අතරින් පවුල් කාණ්ඩ 07කට පමණක් මෙම ප්‍රතිලාභය හිමිවනු ඇති.

ඒ අනුව සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභී පවුල්, වැඩිහිටි දීමනාව ලබන පවුල්, ආබාධිත දීමනාව ලබන පවුල්, වකුගඩු දීමනාව ලබන පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පවුල් සඳහා පමණක් මෙම රුපියල් 5,000 දීමනාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ. අභියාචනා ඉදිරිපත් කර සුදුසුකම් ලැබූ පවුල් සඳහාද මෙම දීමනාව ලබා දෙනු ඇති කෙසේවෙතත් අභියාචනා ඉදිරිපත් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසු වන්නේ ඉහත සඳහන් පළමු පවුල් ඛාණ්ඩ 06ට පමණක් බවද රජය පවසනවා.

(Neth)