Sunday, January 18, 2026
Follow Us
අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට රු. 5000ක දීමනාවක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූලය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙම දීමනාව ලබා දීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් හඳුනාගත් පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබාදීමේ වැඩපිළිවෙල ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නැංවීමට නියමිතයි.

(Aruna)