ලංකා ඛණිජ තෙල් සංස්ථාව නැව් තෙල් ආනයනය වසර 18කට පසු යලි තමන් සතුකර ගත් බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේ සිංහ මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව ප්‍රථම නැව් තෙල් තොගය හෙට (10) මෙරටට ගොඩබෑමට නියමිත බව ද කණිජ තෙල් සංස්ථාවේ සභාපති වරයා සඳහන් කරයි.
මේ අනුව නැව් තෙල් ආනයනය කරන එකම ආයතනය බවට ඛනිජ තෙල් සංස්ථාව පත්ව ඇත . මේ අනුව තෙල් ආනයනය කරන ලද සමාගම් වෙත ඔවුන් මෙතෙක් දැරූ ආයතනික පිරිවැයට වඩා අඩු මුදලකට සංස්ථාවෙන් ලබාගත හැකි බවද පැවසෙයි.
මේ අනුව ප්‍රථම නැව්තෙල් තොගය මෙට්‍රික් ටොන් 60,000ක් වන බව සඳහන් ය.
නැව් තෙල් සැපයීම ලංකාවට විදේශ විනිමය ඉපයිය හැකි ව්‍යාපාරයක් බවද ලංකා ඛණිජ තෙල් සංස්ථා සභාපතිවරයා සඳහන් කරයි.
(Aruna)