Sunday, January 18, 2026
Follow Us
2021 උසස් පෙළ හා ශිෂ්‍යත්වය කල් යයි

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේම ඔක්තෝම්බර් 04 වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 3 වන ඉරිදා දින පැවැත්වීමට ද තීරණය කර තිබේ.

එමෙන්ම 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ ජනවාරි අවසාන සතියේ පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජි එල් පිරිස් මහතා සඳහන් කරයි.

කොවිඩ් ව්‍යාප්තිය නිසා පාසල් විෂයමාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අසීරු තත්ත්වයකට පත් වීම හමුවේ සාකච්ඡා කිරීම් වලින් පසු මෙම තීරණවලට එළැඹි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි''

(Aruna)