කාදිනල් හිමි මීට වඩා සැලකිලිමත්ව හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශය කළ යුතුව තිබූ බවත් ඉන් හානිය සිදු වූයේ කතෝලික ජනතාවට බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසීය.
උන්නාන්සේ වේදනාවෙන් යම් යම් දේ ප්‍රකාශ කරන්නට ඇති නමුත් එම ප්‍රකාශය එතරම් වැදගත් නොවන බවත් කී ඇමැතිවරයා කාදිනල්තුමන් සමග ගැටුමකට යාමට සූදානම් නැති බවත් කීවේය.
පරිසර අමාත්‍යාංශයේ ඊයේ (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය.
‘‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එල්ලවී තිබෙන චෝදනාව සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. වාර්තාව පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. අධිකරණ ක්‍රියාවලියකට යොමුකරන්න කාටවත් බෑ. එය කරන්න පුළුවන් නීතිපතිවරයාට තමයි. අනිත් එක මේ කියන ඒවාට සාක්ෂි තියෙන්නත් ඕනේ. නිකම් පුද්ගලයෙකුගේ නමක් සඳහන් වුණා කියලා නඩු දාන්න බෑනේ.
හිටපු ජනාධිපතිවරයා පමණක් නොව ඒ වෙලාවේ හිටපු කැබිනට් මණ්ඩලයම වගකීමේ අවශ්‍යාතාවක් තිබෙනවා. එක පාරටම සහරාන් මතුවෙලා බෝම්බ ගැහුවා නොවෙයිනේ. මීට කලින් හිටියා පොලිසිය භාර ඇමැතිවරු, ආරක්ෂක අංශවල අය. කොහොම නමුත් ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රශ්නයක් වුණොත් හිටපු ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම මුහුණදීමට සූදානමින් සිටිනවා’’ යැයි ද මහින්ද අමරවීර සඳහන් කළේ.
(Aruna)