Sunday, December 22, 2024
Follow Us
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය – ගැසට් නිවේදනය අද හෙටම

ජනාධිපති වලට පෙර පළාත් සභා මැති මැතිවරණය කැඳවීම්ට හැකිවන සේ විශේෂ ගැසට්නි වේදනයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද හෙටම නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා පෙරේදා 26 රාත්‍රියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ නීතිපති දප්පුල ද ලිවේරා මහත්වරුන් කොළඹ මහගම සේකර මාවතේ නිල නිවසට කැඳවා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්වක් ද පැවැත් වූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ .

පළාත් සභා මැති මැතිවරණ පැවැත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුම්ක් ලබාගන්නැයි ජනාධිපතිවරයා ඉකුත් සතියේ දී නීතිපතිවරයා වෙත දැනුම් දී තිබූ අතර මත විමසීම්ට පෙර ඒ ගැන තමාට ලිඛිතව දන්වන්න ඇයිැයි ද ජනාධිපතිවරයා නීතිපතිවරයාට දන්වා තිබිණි.

ඒ අනුව නීතිපතිවරයා මේ පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඇති බවද වාර්තා විය. පළාත්ළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පෙරේදා රාත්‍රී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සහ නීතිපතිවරයා කැඳවා සාකච්ඡා කරන්නට තීරණය කර ඇත්තේ ද ඒ අනුව බව පැවසේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනයට අනුව පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග කියයි.

සබරගමුව, උතුරුමැද, නැගෙනහිර, වයඹ, උතුර, දකුණ සහ බස්නාහිර යන පළාත් සභාවේ නිල කාලය අවසන් වී ඇති අතර ඌව පළාත් සභාවේ නිල කාලය ද ලබන ඔක්තෝම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණ පවත්වන්නේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය බදාදා 24 යෝජනාවක් සම්මත කරගෙන තිබුණි.

Irida lankadeepa