මෙරටට ආනයනික ආහාර ද්‍රව්‍යවල සුළු ප්‍රමාණයකින් හෝ විස රසායනික ද්‍රව්‍ය ඇති බවට ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙරටට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය නියමිත පරීක්ෂණයන්ට ලක් කරන බවයි. ඒ ඒ ආහාර සඳහා ආවේනික වූ පරීක්ෂණ ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
උදාහරණයක් ලෙස, ආනයනික මසුන් සම්බන්ධයෙන් ආසනික් ඇතුලු බැරලෝහ පරීක්ෂණයක් ද සිදු කරද්දි ආනයනික කිරි පිටි සම්බන්ධයෙන් ඊට ආවේනික විකිරණ පරීක්ෂණයක් ද සිදු කෙරෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමත කරන ලද ආනයනික පාරිභෝජන ද්‍රව්‍යවල විෂ රසායනික තිබිය හැකි බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය කියා සිටියේ.
කෙසේවෙතත් අදාල ආහාර ද්‍රව්‍ය රේගුවෙන් මුදා ගැනීමෙන් පසු ඒවා ගබඩා කිරීමේදී හා ප්‍රවාහනයේදී නිවැරදි ක්‍රමවේද අනුගමනය නොකළහොත් ඇෆ්ලටොක්සින් වැනි පිළිකාකාරක ආහාර ද්‍රව්‍ය තුළ ඇතිවිය හැකි බව ද අවධාරණය කෙරුණා.
මේ අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේ ආහාර ද්‍රව්‍ය කිහිපයක පිලිකාකාරක ඇති බවට හදුනාගෙන ඇති බවයි.
(Neth)