සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් වැඩි බස් රථ ප්‍රමාණයක් යොදවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. මගී ජනතාවට බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබාදීම සදහා ලංගම බස්රථ සේවකයන්ගේ නිවාඩු ද අවලංගු කරන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
අවුරුදු සමයේ ප්‍රවාහන පහසුකම් සැපයීමට අදාළව ප්‍රවාහන බලධාරීන් සමග අද දිනයේ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර, එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව ප්‍රධාන මාර්ගය හා මුහුදුබඩ මාර්ගය ඇතුළු සියලුම මාර්ගවල විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කෙරෙනු ඇති. ලබන 09 වනදා සිට 18 වනදා දක්වා එම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)