Sunday, January 18, 2026
Follow Us
වසර 05ක වාහන ආනයන වියදම රු. ට්‍රිලියන 1.2ක්

2015 වසරේ සිට 2019 තෙක් මෙරටට ආනයනය කළ වාහන ගණන 25,15546ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කර තිබේ.

එම වාහන ප්‍රමාණය සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 1,239ක් බව ද ඔහු සඳහන් කරයි.පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒසේ පැවසීය.

තවද රටවල් 103 කින් වාහන ආනයනය කර තිබෙන බවද සඳහන් කර තිබේ.

(Aruna)