Sunday, January 18, 2026
Follow Us
චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද (05) දිනයේ සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

නමුත් එය ප්‍රථමයෙන් ලබාදෙනු ලබන්නේ මෙරට වෙසෙන චීන ජාතිකයන්ටය.

සිනොෆාම් නමැති චීනයේ නිෂ්පාදිත එම එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් පසුගිය 31 වනදා මෙරටට ගෙන එනු ලැබුයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ ගුවන් යානයෙන් ය.

එම එන්නත් මාත්‍රා ලක්ෂ 06 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙරටට ලබා දී තිබුණි .

(Aruna)