Sunday, January 18, 2026
Follow Us
ඇමැති අනු කමිටුව පාස්කු වාර්තාව කොටස් කරයි

පාස්කු අවසන් වාර්තාව විමර්ශනය කළ ඇමැති අනු කමිටුව එම වාර්තාවේ සඳහන් නිර්දේශ, විශ්ලේෂණය කර කාණ්ඩ තුනකට වර්ග කර ඇතැයි අනාවරණය වේ. මෙම ඇමැති අනු කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (5 වැනිදා) භාර දීමටද නියමිතය.

ඇමැති අනු කමිටු වාර්තාවට අනුව ‘ක්‍රියාත්මක කළ නොහැකි නිර්දේශ’ පළමු කාණ්ඩය ලෙසත්, සංශෝධන සහිතව ‘ක්‍රියාත්මක කළ හැකි නිර්දේශ’ දෙවැනි කාණ්ඩය ලෙසත්, ‘කිසිදු සංශෝධනයක් නොකර සෘජුවම ක්‍රියාත්මක කළ හැකි නිර්දේශ’ තුන්වැනි කාණ්ඩය ලෙසත් වර්ග කර තිබෙන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා පත්කරනු ලැබූ මෙම ඇමැති අනු කමිටුවේ සභාපති ලෙස ඇමැති චමල් රාජපක්ෂද, සෙසු කමිටු සාමාජිකයන් ලෙස ඇමැතිවරුන් වන උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධනද කටයුතු කළහ.

(Aruna)