Sunday, January 18, 2026
Follow Us
අධ්‍යාපන වෙනස්කම් ගැන මහජන අදහස් විමසයි

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ගුණාත්මක අධ්‍යාපන සේවයක් නිර්මාණය කිරීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලිය පසුගියදා අරඹා තිබුණි.

මේ අනුව ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණෙන් මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමට තීරණය කළ බව සඳහන් ය.

ඒ අනුව www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ හැකිය.

(Aruna)