Sunday, January 18, 2026
Follow Us
ලංකාව දෙමළ ඩයස්පෝරා සංවිධාන 7ක් තහනම් කරයි

කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට අයත් සංවිධාන හතක් ශී‍්‍ර ලංකාව තුළ තහනම් කිරීමට සහ ඒවායේ ක‍්‍රියාකාරීන් 388දෙනකුට නැවතත් ශ‍්‍රී ලංකාවට පැමිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (02) නිකුත් කර ඇත.

බි‍්‍රතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග‍්‍රසය, ඔස්ටේ‍්‍රලියානු දෙමළ කොංග‍්‍රසය, ගෝලීය දෙමළ සංසදය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය ඇතුළු විදේශයන්හි ක‍්‍රියාත්මක සංවිධාන හතක් සහ ඒවායේ ක‍්‍රියාකාරීන් 388දෙනකුට මෙලෙස තහනම පනවා තිබේ.

(Aruna)