Monday, November 17, 2025
Follow Us
අද තැපෑලට ලෙඩ, නිවාඩු අවලංගුයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

නව සේවකයින් බඳවා ගන්නා ක්‍රියාමාර්ගය මෙන්ම තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා සඳහන් කරයි.

පැය 24ක කාලයක් අදාළ වෘතිය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වීමට නියමිත අතර මේ අනුව ඊයෙ (30) මධ්‍යම රාත්‍රියේ සිට අද (31) මධ්‍යම රාත්‍රිය දක්වා එය ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් තැපැල් දෙපාර්තමේන්තුව අද දිනයේ තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.

(Lanka Leads)