Sunday, January 18, 2026
Follow Us
පාස්කු සැමරුමට විශේෂ පොලිස් ආරක්ෂාවක්

දෙවසරකට පසු කිතුනු බැතිමතුන් මහා සිකුරාදා දිනය හා පාස්කු ඉරිදා දිනය සැමරීමට සූදානම් වන බැවින් දේව මෙහෙයන් සහ බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න පෙරේදා (27 වැනිදා) නියෝග කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා සියලුම නිලධාරීන්ට මේ සඳහා වන නියෝගය විශේෂ චක්‍රලේඛයක් මගින් දන්වා යවා ඇත.

මෙම උත්සව ගැන දේවස්ථානවල ආගමික නායකයන්, පියතුමන්ලා සමග සාකච්ඡා කර ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

මහ බ්‍රහස්පතින්දා (01 වැනිදා) දිව්‍ය පූජා යාගයේ සිට අප්‍රේල් 04 වැනිදා පාස්කු ඉරිදා දේව මෙහෙය දක්වා මෙම ආරක්ෂක වැඩපිළිවෙළ යෙදවීමට නියෝග ලබා දී ඇත.

මීට අමතරව සෑම ඉරිදා දිනකම දේව මෙහෙයන් සඳහාද මේ අයුරින් බුද්ධි අංශ හා පොලිස් නිලධාරීන් යොදවා ආරක්ෂාව සපයා දී ඇත.

(Aruna)