Sunday, January 18, 2026
Follow Us
EPF අංකය වෙනුවට ජාතික හැඳුනුම්පත් අංකය

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට සේව්‍ය සේවක අංකය වෙනුවට ජාතික හැඳුනුම්පතේ අංකය ලබදීම සඳහා අර්ථසාධක අරමුදල් පනතට සංශෝධන ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී.

නව සංශෝධනයට අනුව දායක මුදල් ලබාගැනීම සඳහා සේව්‍ය සේවක අංක මෙන්ම බී කාඩ්පතද අවශ්‍ය නොවේ. ජාතික හැඳුනුම්පත පමණක් ඉදිරිපත් කර සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට මේ අනුව සේවකයන්ට අවස්ථාව ලැබේ.

සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලබාදෙන්නේ වයස අවුරුදු පනස් පහ සම්පූර්ණ වූ පසුව බැවින් මුදල් ලබාගැනීමට යාමේදී සාමාජිකයා හෝ කලත්‍රයා අපහසුතාවට පත්නොවීම සඳහා මෙම සංශෝධනය පනතට ගෙන එන බව කම්කරු අමාත්‍යාංශයේ නිලධාරියෙක් ‘අරුණ’ට පැවැසුවේය.

සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමටද කටයුතු කෙරේ.

(Aruna)