Monday, November 17, 2025
Follow Us
ගතවූ වසර 05 තුල මෙරටට ආනයනය කළ පොහොර සම්බන්ධයෙන් අනාවරණයක්

ඉකුත් වසර 05ක කාලය තුළ මෙරටට ආනයනය කළ රසායනික පොහොර ප්‍රමිතියෙන් තොර විෂ සහිත ඒවා බව අනාවරණ වී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ ඉකුත් සමයේ ගෙන්වූ පොහොර සම්බන්ධයෙන් සිදු කළ තත්ත්ව පරීක්ෂණ වාර්තා 55කින් එය තහවුරු වන බවයි.

සෙසු රටවලට සාපේක්ෂව මෙරට රසායනික පොහොර භාවිතය ඉතා අධික බවද අනාවරණ වී තිබෙනවා. උදාහරණයක් ලෙස ඕස්ටේ්‍රලියාවේ හෙක්ටයාර් 01ට භාවිත කරන රසායනික පොහොර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 50යි. එහෙත් ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 01ට භාවිත කරන රසායනික පොහොර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 300 ඉක්මවනවා. මේ හේතුවෙන් මෙරට රසායනික පොහොර භාවිතයද වෙනස් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියා.

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ද කඩිනමින් සකස් කර අවසන් කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)