Monday, November 17, 2025
Follow Us
ඉඩම තියෙන්නේ සිංහරාජයට කි.මි. 3.6ක් දුරින්. කපලා තියෙන්නේ තේ සහ මානා ගස් විතරයි - අමරවීර

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව පරිසර හානියක් සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක්වූ ඉඩම පිළිබඳ විමර්ශනය කළ කමිටුවේ අතුරු වාර්තාවක් තමන් වෙත ලැබී ඇති බවත් එම වාර්තාව අනුව පෞද්ගලික ඉඩමක් වන එහි ගස් කැපීමක් සිදුව නොමැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

"ඔය කතාබහට ලක්වෙන ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් පත් ඉරු පරීක්ෂාවෙන් පෞද්ගලික ඉඩමක් කියලා තහවුරු වෙනවා. සිංහරාජ රක්ෂිතයේ ඉඳලා කිලෝමීටර් 3.6ක දුරින් තමයි තියෙන්නෙ කියලාත් රක්වාන ප්‍රධාන පාරට ආසන්නයේ තියෙන බවත් තමයි වාර්තා වෙලා තියෙන්නෙ.

ඒවගේම මේ භූමිය තුළ ගස් කැපීමක් සිදු නොවුණු බව වාර්තා වෙලා තිබෙනවා. තවදුරටත් අපි මේ ඉඩම් ප්‍රමාණය ගන්නවාද කියන එක පිළිබඳ තොරතුරු ලබාදෙන්න කියලා මම කිව්වා. ගන්නවා නම් මේක විතරක් ගන්න බෑ, ලොකු ප්‍රමාණයක් ගන්න අපට ගැසට් නිවේදනයක් නිකුත් කරනවාද කියලා තීරණය කරන්න වෙනවා.

තේ ගස් ප්‍රමාණයකුයි මානා ගස් වගේකුයි කැපුණා කියලා තමයි දැනට වාර්තා කරලා තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

පරිසර ඇමති මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (27) දිනයේදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමිනි.

(LNW)