Monday, November 17, 2025
Follow Us
සිසු දරු දැරියන් 50ට අඩු පාසල් ගැන මාසක් ඇතුළත තීරණයක්

දකුණු පළාතේ ඇති සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සම්බන්දයෙන් පුළුල් සාකච්ඡාවක් කොට මාසයක් ඇතුලත මේ පිළිබද අවසන් තින්දුවක් ගන්නා බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසනවා.

මෙකී පාසල් සම්බන්ධයෙන් පැති කිහිපයකින් බලා විශේෂයෙන්.විද්වතුන්ගේමත, මහජනතාවගේ අදහස්, දේශපාලන අධිකාරියේ අදහස්, අධ්‍යාපනික මත සලකාබලා පුළුල් ලෙස සාකච්ඡා කොට මේ ගැන අවසන් තින්දුවක් ගන්නා බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා.

මේ පිළිබද අදහස් දක්වමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා මෙසේ ප්‍රකාශ කළා.

මෙකී පාසල්වල ඇතැම් පංතිවල දරුවන් එක්කෙනයි දෙන්නායි ඉගෙනුම ලබන්නේ.ඇත්තටම මෙය ඉතා සංවේදි කාරණයක්. මෙකී පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට කණ්ඩායම් ක්‍රියාකාරකම් සම වයස් කණ්ඩායම යෙදෙන්න අවස්ථාවක් නැහැ.එක අතකින් ඒ දරුවන්ට ද අසාධාරණයක් වෙලා තියෙනවා.තවම මේ සම්බන්යෙන් ස්ථිර තින්දුවක් අරගෙන නැහැ.පාසල් එකාබද්ධ කිරිම වෙන්න පුළුවන්, නැතිනම් සෞභාග්‍යා පාසලක් විදියට සංවර්ධනය කරන්න පුළුවන්. වෙනත් මහා විද්‍යාලයක් සමග එකාබද්ධ කරන්න පුළුවන් මෙවැනි යෝජනා කිහිපයක් තියෙනවා.මෙවැනි පාසල් වහනවා කියලා තින්දුවක් අරගෙන නැහැ. මේ සම්බන්දයෙන් සාකච්ඡා මට්ටමේ තමයි තියෙන්නේ. මාසයක් වගේ කාලයක් ඇතුලත මේ සම්බන්දව අවසන් තින්දුවක් ගන්නවා. බෝහෝ විට එකාබද්ධ කිරිම තමයි කරන්න වෙන්නේ.උදහරණයක් වශයෙන් ගතහොත් 01, 11 අතර පාසලක් තියෙනවා දරුවන් 28 දෙනෙකු ඉන්න. දරුවන් 400ක ඉගෙනුම ලබන පාසලට ලබාදිය යුතු ගුරුවරු ඇතුළු සම්පත් ඒ පාසලටත් ලබාදිය යුතුයි. එක දරුවෙක් පමණක් ඉගෙනුම ලබන පළමු වසරේ පංති තියෙනවා. ඒ දරුවාට කිසිදු කණ්ඩායම් ක්‍රියාකාරකමක් නැහැ..මෙය ලොකු ප්‍රශ්නයක් විදියට අපි හදුනාගෙන තියෙනවා යැයිද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළා.

මෙකී පාසල් සම්බන්ධයෙන් ගතයුතු තින්දු තිරණ පිළිබද යෝජනා ඉදිරිපත් කරණ ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ විසින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් තිබෙනවා.

දකුණු පළාතේ සිසු දරු දැරියන් 50ට අඩු පාසල් 114ක් තිබෙන බවට ද හඳුනාගෙන තිබෙනවා.


(Neth)