Sunday, January 18, 2026
Follow Us
අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල්

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලුම සුපිරි වෙළෙඳසැළ්, සතොස, සමුපකාර වෙළෙඳසැළ්වලට අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නාඩු රුපියල් 97ට, සුදු කැකුළු හා රතු කැකුළු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන ඇත.

සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළෙඳසැළ්වල ප්‍රධාන විධායක නිලධාරීන් (25) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග පැවති හමුවකදී ඊට එකඟතාව පළකර තිබේ.

(Aruna)