Monday, November 17, 2025
Follow Us
කතරගම නගරය සංවර්ධනයට ව්‍යාපෘති 19 ක්

කතරගම නගරය සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති 19 ක් කඩිනමින් ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

කතරගම නගරය සංවර්ධනය කිරීම, පූජා භූමි කලාප 3 ක්, මිශ්‍ර සංවර්ධන කලාපයක්, නේවාසික කලාපයක්, කෘෂිකාර්මික ප්‍රවර්ධන කලාපයක් ඇතුළු ව්‍යාපෘති ඊට අයත් බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සදහන් කළේ.

දෙටගමුව වැව ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීම හා නාගරික උද්‍යානය සහ පොදු විවේක ස්ථාන සංවර්ධනය ද ඒ අතර වනවා.

ප්‍රදේශවාසීන් සහ වන්දනාකරුවන්ට ප්‍රමාණවත් විවේක පහසුකම් සැපයීම සහ අලංකාර නගරයක් නිර්මාණය කිරීම එහි ප්‍රධාන අරමුණ වන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)