Monday, November 17, 2025
Follow Us
රුපියල් දහස සියළු තේ වතු කම්කරුවන්ට හිමි විය යුතුයි - කම්කරු දෙපාර්තමේන්තුව

රජය විසින් වැඩි කළ රුපියල් දහසේ දෛනික වැටුප සියළු තේ වතු කම්කරුවන්ට හිමි විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති නෙත් නිවුස් වෙත කියාසිටියේ ඇතැම් කුඩා තේ වතු හිමියන් මේ වනවිටත් වතු කම්කරුවන්ට රුපියල් දහසකට වැඩි දෛනික වැටුපක් ගෙවන බවයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට එරෙහිව වතු සමාගම් 19 ක් අභියාචනාධිකරණයේ ඉකුත්දා රිට් පෙත්සමක් ගොණු කළා. ඒ සම්බන්ධයෙන්ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කරුණු දැක්වූවා.

වතු සමාගම් 19 ගොණුකළ රිට් පෙත්සම ලබන 26 වනදා සළකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

(Neth)