Monday, November 17, 2025
Follow Us
ජලය දීමට නම් වනය රැකිය යුතුයි – වාසුදේව නානායක්කාර

වනය විනාශ කළොත් ජලය නැති වන බැවින් ජලය දීමට නම් වනය රැකිය යුතු වන බව කටාන අවට ග්‍රාම සේවා වසම් 49ක ජනතාවට නල ජලය ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේය.

වන විනාශය පිළිබඳව තැන් තැන්වල පොදුවේ චෝදනා ගෙතීමකින් තොරව කොහේ හෝ වන විනාශයක් සිදු වේ නම් පැහැදිළිව එය ඉදිරිපත් කිරීම හොඳ දෙයක් බව ඔහුවැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පසුගිය දිනක පනාමුරේ වැව සෑදීමේ මංගල පස්පිඩැල්ල කැපීමට තමා ද සහභාගී වූ අතර ඒ සඳහා යම්කිසි ගස් ප්‍රමාණයක් කැපෙන බවත් ගස් කැපීමට පෙර ඒ වෙනුවෙන් විකල්ප වන වගාව ආරම්භ කළ යුතු බව එහිදී ද තමා ප්‍රකාශ කල බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

(Lanka Leads)