ගෙවී ගිය ටයර් සහිතව ධාවනය කරන රථ වාහන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට නව ටයර් රථ වාහන සදහා යෙදවීමට සහන කාලයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. වෙළදපොල තුළ ටයර් හිඟයක් පැවතීම හේතුවෙන් ඒ ඒ රථ වාහනවලට සරිලන ටයර් වෙළදපොල තුළ නොමැති බවටයි බස් සංගම් ඇතුළු ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ නිරත පාර්ශව රැසක් සදහන් කර සිටියේ.
අවශ්‍ය ටයර් වෙළදපොලට නිකුත් කිරීමෙන් පසු මෙම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි සමස්ථ ලංකා රියදුරු පාසැල් හිමියන්ගේ ජාතික සංගමය ද මෙහිදී ඉල්ලීමක් කළේ. මේ, එහි සභාපති එම් ඩී සෝමසිරි.
මගී ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ නිරත පාර්ශව ඇතුළු රියදුරන් කළ මෙම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ගෙවී ගිය ටයර් මාරු කිරීම සදහා සහන කාලයක් ලබාදීමට තීරණය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නෙත් නිවුස් වෙත සදහන් කළේ.
(Neth)