Monday, November 17, 2025
Follow Us
පොලිසියට ත්‍රිවිල් ගන්න රු. මි. 1783ක් ඉල්ලයි

පොලිසිය සඳහා ත්‍රිරෝද රථ 2000ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 1783ක මුදලක් ලබා දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

එක් ත්‍රිරෝද රථයක් රුපියල් අටලක්ෂ අනූ එක් දහස් අටසිය පනහක් (891850) බැගින් මිලදී ගැනීමට නියමිතය. මෙරට පෞද්ගලික සමාගමකින් ත්‍රිරෝද රථ ලබාගන්නා අතර සියලු ගෙවීම් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මගින් කිරීමටද අමාත්‍යාංශය අවසර ඉල්ලා ඇත.

ඉදිරියේදී විනිමය අනුපාතය අඩු වීමක් සිදු වුවහොත් එහි වාසිය රජයට ලැබෙන පරිදිද විනිමය අනුපාතය ඉහල ගියහොත් සැපයුම්කරුට අවාසියක් නොවන පරිදි සාධාරණ මිල වැඩි කිරීමක් කිරීමටද මහජන ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. මිල ගණන් සකස් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර්ජෙනරාල් ජගත් අල්විස්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්ද පත් කර ඇත.

(Aruna)