චීනයේ නිෂ්පාදනය කරන සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක තුළ මෙරටට ගෙන්වීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
"චීනයේ නිෂ්පාදනය කරන සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී තිබෙනවා. චීන රජය මගින් ශ්‍රී ලංකාවට සයිනොෆාම් වර්ගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ප්‍රදානයක් හැටියට දෙන බව මේ වනවිටත් නිවේදනය කරලා තියෙනවා. එම එන්නත් ප්‍රමාණය කඩිනමින් ලංකාවට ගෙන ඒම තමයි අපේ බලාපොරොත්තුව.
මේ සම්බන්ධයෙන් අපි චීන තානාපති කාර්යාලය දැනුවත් කළා. ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමා බීජිං සමග සාකච්ඡා කරලා ලංකාවට ගෙන එන්න පුළුවන් ඉක්මන්ම දිනය පිළිබඳ අපව දැනුවත් කරන බව පැවසුවා. අපි හිතනවා ඊළඟ සති දෙක ඇතුළත සයිනොෆාම් එන්නත් තොගය ලංකාවට ගෙන එන්න පුළුවන් වෙයි කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ ඊයේ (20) මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
(LNW)