මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර් ඩබ්ලිව් ආර් පේමසිරි සඳහන් කළේ ඒ සඳහා කමිටුවක්ද පත් කර ඇති බවයි. අනතුරට සැබෑ හේතුව සහ මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුවට පැවරෙන වගකීමක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ අනතුර සිදුවූ ස්ථානයේ නියමාකාරයෙන් මාර්ග ආරක්ෂක පියවර අනගමනය කර තිබුනාදැයි මෙහිදී සොයා බලන බවයි.
කෙසේවෙතත් නෙත් නිවුස් ඊයේ වාර්තා කළේ අනතුර සිදු වූ පස්සර 13 කණුව ප්‍රදේශයේ මීට මාස 06කට පමණ පෙර මාර්ගයට පෙරලි ඇති ගල් පර්වතයක් මේ දක්වා ඉවත් කර නොමැති බවයි. එමෙන්ම බස් රථය ප්‍රපාතයට පෙරලුනු ස්ථානයේ කිසිදු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් මීට පෙර නොතිබු බවත් අනතුරින් පසුව එම ස්ථානයේ අනතුරු ඇගවීමේ සංඥා සවිකරන ආකාරයත් දැක ගත හැකි වූ බවත් නෙත් නිවුස් එහිදී හෙලි කළා.
පොලිසිය පැවසුවේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ ඉදිරිපස රෝදය මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑම හේතුවෙන් බසය ප්‍රපාතයට පෙරළී ඇති බවයි. කෙසේවෙතත් සිදුවූ බස් රථ අනතුරට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය බව පොලිසිය පවසනවා. එහෙත් අනතුර සිදුවූ ස්ථානය අසල ඇති භෞතික හා පරිවේෂණීය සාක්ෂි පරික්ෂා කිරීමේ දී රියදුරාට මෙම බස් රථය පාලනය කර ගැනීමට හැකියාවක් තිබී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක්. අදාළ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්වු අතර තවත් පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලැබූවා. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.
(Neth)