Sunday, January 18, 2026
Follow Us
බුර්කාව සහ මද්‍රසා පාසල් තහනම ගැන ඉදිරියේදී සාකච්ජා පවත්වනවා - අමාත්‍ය සරත් වීරසේකර

බුර්කාව සහ මද්‍රසා පාසල් තහනම සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළදී අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට ලක් වනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. බුර්කාව සහ මද්‍රසා පාසල් තහනම් කිරීම සඳහා තමන් මූලික පියවර තබා ඇති බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

බුර්කාව තහනම් කිරීමටත්, මද්‍රසා පාසල් 1,000ක් වසා දැමීමටත් තීරණය කර ඇති බවට ආමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ඉකුත්දා කළ ප්‍රකාශය උපුටා දක්වමින් ලොව පුරා ප්‍රධාන විදෙස් මාධ්‍ය ආයතනද සිය ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ප්‍රමඛ අවධානයක් ලබා දී තිබු බවයි නෙත් නිවුස් මීට පෙර වාර්තා කළේ.

(Neth)