Sunday, January 18, 2026
Follow Us
ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2000ක හිඟයක්

මෙරට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2000ක් පමණ තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීමට නැවත විභාගයක් පැවැත්වෙන බව එහි ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කරයි.

පෙර පැවති ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල මත නැවත බඳවා ගැනීම් සිදු නොකරන ලෙසට රාජ්‍ය සේවා කොමිසම දැනුම් දී ඇති බැවින් නැවත කඩිනමින් විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)