Sunday, January 18, 2026
Follow Us
රට තුළ ගෑස් හිඟයක් නෑ. උත්සව සමයේ ගෑස් මිල වැඩිකිරීමකුත් නෑ - අගමැති

රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ ගෑස් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් ද නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

රටේ වර්තමාන ආර්ථික තත්වය සම්බන්ධයෙන් ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

කෙසේවෙතත් ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති හෙයින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 600කින් පමණ ඉහළ නැංවිය යුතු බව ගෑස් සමාගම් ප්‍රකාශ කර තිබුණු අතර පසුගිය සති දෙක තුළ දිවයිනේ ප්‍රදේශ රැසක ලාෆ්ස් ගෑස් හිඟයක් ද වාර්තා වී තිබිණි.

(LNW)