Sunday, January 18, 2026
Follow Us
උසස්පෙළ ප්‍රථිඵල අළුත් අවුරුද්දට පෙර

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ මෙවර උසස් පෙළ සහ 5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට මෙතෙක් කිසිදු තිරණයක් ගෙන නොමැති බවයි.

විෂය නිර්දේශය ආවරණය වී නොමැති නම් සහ සිසුන්ට දුරස්ථ මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය තුළින් එම ආවරණයන් ලැබී නොමැති නම් ඒ සම්බන්ධයෙන් සිසුන් සහ ගුරුවන් සමග සාකච්ඡා කර විභාග පැවැත්වීම පිළිබදව තීරණයකට එළඹිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළා.

(Neth)