Sunday, January 18, 2026
Follow Us
අළුත් අවුරුදු සමයේ රට වැසීමේ සූදානමක් නොමැති බව යුද හමුදාපති කියයි

එළඹෙන අළුත් අවුරුදු සමයේ රට වසා දැමීම සඳහා කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. කෙසේවෙතත්, එළඹෙන අලුත් අවුරුදු සමයේ උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යන බව ද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)