Sunday, November 16, 2025
Follow Us
අවශ්‍යය වුවහොත් උත්සව සමයේ සංචරණ සීමා පනවනවා- යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

කොළඹදී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බවයි.

එහිදී යුද හමුදාපතිවරයා පවසා සිටියේ පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම අධ්‍යයනය මගින් තහවුරු වූයේ එවැනි කලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බවයි.

මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් යුද හමුදාපතිවරයා

“පසුගිය දෙසැම්බර් නත්තල් නිවාඩුව සහ ඉන් පසුව තිබූ දීර්ඝ නිවාඩුවෙන් පස්සේ වැඩිම කොවිඩ් ආසාදිතයින් හමුවුණේ මේ වර්ෂයේ ජනවාරි පෙබරවාරි මාසවල. අපි සාම්ප්‍රදායිකව සමරණ ආකාරයට උත්සව සමරන්න ගියොත් යම්කිසි වෙනසක් ඇතිවෙන්නත් හැකියාවක් තිබෙනවා.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා පැවසුවේ නිරෝධායනය සඳහා පනවා ඇති මාර්ගෝපදේශයන්ගේද වෙනසක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති බවය.

(Lanka Leads)