Sunday, January 18, 2026
Follow Us
පොල් ගස් කැපීම තහනම් කිරීමට පියවර

ඉදිරියේදී ගස් හෙලීමේ පනතට පොල් ගසද ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ගම්පහ නයිවල ප්‍රදේශයේ පැවැති දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ දිස්ත්‍රික් කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.

ඒ අනුව කොස් සහ දෙල් ගස් කැපීමේ තහනමට පොල් ගසද ඇතුළත් වන බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අක්කර දහයකට වඩා අඩු පොල් ඉඩම් කැබලි කිරීම සදහා දැනට පළාත් පාලන ආයතන මගින් ලබා දෙන අනුමැතිය පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ලබාදීමට අවශ්‍ය නීති සංශෝධනය වන බව ද රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)