මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි නොකර සියයට 50ක් රජයට පවරාගෙන හෝ පවත්වාගෙන යන්නැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලා ඉල්ලීමක් කරනවා.
ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ආණ්ඩුව සමග සාකච්ඡා කළ බව ද හිටපු ආණ්ඩුකාරවරයා ප‍්‍රකාශ කළා.
මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය සඳහා කිසිදු නීතිමය ප‍්‍රතිපාදනයකින් තොරව සෞදි රජයෙන් මුදල් ලැබී ඇති බවට සිදු කරන ප‍්‍රකාශ නැවත ප‍්‍රතික්ෂේප කරන බවද හිටපු ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියා.
(Neth)