විපක්ෂය මේ දිනවල විවිධ අසත්‍ය සහ අභූත චෝදනා නගමින් තමා ඇතුළු රජයට මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇති බවත් පාස්කු ඉරිදා ප්‍රහාරට තමනුත්, බැසිල් රාජපක්ෂ සහ නිශ්ශංක සේනාධිපති මහත්වරුනුත් සම්බන්ධ බවට විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන අශෝක අබේසිංහ කර තිබූ චෝදනාව පදනම් විරහිත, අභූත චෝදනාවක් බව මේ වනවිට තහවුරු වී ඇත් බවත් ඊයේ “ගම සමග පිළිසඳර” 14 වන වැඩසටහන ගාල්ල ගල්ගොඩ ප්‍රදේශයේ දී පැවති අවස්තාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේය.
එම ප්‍රහාරයට හේතු වූ ප්‍රධානතම කරුණ පසුගිය රජය “ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු තැකීමක් කර නොමැති බව” යනුවෙන් කොමිසම් වාර්තාවේ සෑම තැනකම සඳහන් කර ඇති බව ප්‍රකාශ කළ ඔහු තම රජය යටතේ බෙදුම්වාදීන්ට හෝ ඉස්ලාම් ආගමික අන්තවාදීන්ට කිසිදු ඉඩක් නොලැබෙන බව අවධාරණය කර සිටියේය.
මෙම ප්‍රහාරයට සමහර දේශපාළනඥයින් ද සම්බන්ධ බව කාදිනල්තුමා කර තිබූ ප්‍රකාශයකට අනුව ඒ සම්බන්ධයෙන් ද දැන් සොයා බලන අතර එම දේශපාළනඥයින් කිසිවෙකුත් තම රජය යටතේ නොමැති බවත් ඔවුන් සිටින්නේ විරුද්ධ පක්ෂය සමග බවත් අවධාරණය කළේය.
මෙවැනි ජාතික ප්‍රශ්ණයකදී පවා බොරු කරමින්, අභූත චෝදනා නගමින් විපක්ෂය හැසිරීම ඉතාම කණගාටුදායක තත්වයක් බව පැවසූ ඔහු ප්‍රහාරයට වැරදිකරුවන් වන කිසිවෙකුත් ආරක්ෂා කිරීමට හෝ ඩීල් දැමීමට තමනට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අවධාරණය කර සිටියේය.
MCC ගිවිසුම පිළිබඳව ඒ දිනවල නැගූ චෝදනා බොරු බව දැන් තහවුරුවී ඇති බවත් දැන් මානව හිමිකම් කවුන්සිලයට කිසිදු දිනක නොතිබූ ආකාරයේ නව චෝදනා ඉදිරිපත් කරමින් තමාගේ නව රජය යටතේ “මානව හිමිකම උල්ළංඝණය වීම්” වැඩිවී ඇතැයි අභූත චෝදනා නඟා ඇතැයි ද පෙන්වා දුන්නේය. එය එසේ සිදුවී ඇත්දැයි අන් කිසිවෙකුට වඩා හොඳින් දන්නේ රටේ ජනතාව වන තමුන්නාන්සේලා බව ද ඔහු සඳහන් කර සිටියේය.
තම රජය වැනි කෘෂිකර්මාන්තය මුල් කරගනිමින්, ජාතිකත්වය සහ දේශීයත්වය වෙනුවෙන් පෙනීසිටින රජයක් බළයට පත් වූ විට එයට එරෙහිව විදේශ බළවේග ක්‍රියාත්මක වීම සිදුවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ දවස්වල නගන තවත් එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ “පරිසර විනාශය” බව පැවසූ ඔහු යම් යම් වංචනික, දූෂිත නිළධාරීන්ගේ ද අනුග්‍රහයෙන් විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ පරිසර විනාශයන් සිදු වී ඇති බවත් මෙය මින් පෙර පැවති රජයන් සමයේ සිට සිදු වී ඇති බවත් සඳහන් කර සිටි ඔහු ඒවා නැවැත්වීමට තමා පියවර ගත් බවත් ප්‍රකාශ කර සිටියේය.
පහුගිය දිනක පරන ගස් කොටයක පෝස්ටරයක් දමා “ඔබට පින්” කියා තමන්ට එවා ඇති බව ද ඔහු ප්‍රකාශ කර සිටියේය.
(Lanka Leads)